හරිත අභියෝගය 2019 මෙම මස 28 මිගමුව වෙරළ උද්‍යානයේදී

-

පාස්කු  ප්‍රහාරයෙන්  පසුව සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මීගමුව සතුවූ ආකර්ෂණය ඊට අහිමි විය. නමුත් මීගමුව නගරයේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා සංචාරක කර්මාන්තයෙන් ඇති ඉමහත් දායකත්වය සලකා බලන කල, එය ප්‍රතිස්ථාපනය කිරීම ඉතා වැදගත්ය. එම වැඩපිළිවෙළ මුලික වශයෙන්ම ලෝකයේ දැනට පවත්නා නවතම රැල්ල බවට පත්ව ඇති පරිසර සංරක්ෂණ පිළිවෙත් අනුගමනය සහ තිරසාරත්වය පවත්වාගැනීම යන සංකල්ප පෙරදැරි කොටගෙන  සංවිධානය විය යුතුව ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් කසල කළමනාකරණය සහ බැඳුනු යහපත් පරිසර සංරක්ෂණ පිළිවෙත් පිළිබඳව පවතින ප්‍රගමනීය රැල්ලක් මීගමුව ඇතුළු ශ්‍රී ලාංකික තාරුණ්‍යය තුල ගොඩනැගීම හරහා පරිසර හිතකාමී මීගමු පුරවරයක් තැනීම අරමුණු කරගත යුතුය.

මීගමු මහා නගර සභාවේ Go Green Negombo සැලැස්ම යටතේ ක්‍රියාත්මක වීමට නියමිත “Go Green Challenge – 2019”  වැඩසටහන මඟින් සමස්ත මීගමු ජනතාවටත්, ශ්‍රී ලාංකික තාරුණ පරපුරටත් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව ගොස් සවිමත්ව නැගී සිටීමටත් මීගමු මහා නගර සභාව ඇතුළු විවිධ සංවිධාන විසින් දරන ප්‍රයත්නයන් ඇගයීමටත් මෙයින් අවස්ථාව සැලසෙන අතර ප්‍රදේශයේ හෝටල් ඇතුළු ආයතන විසින් සිදු කරන පරිසර හිතකාමී ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමටත් මෙය උපකාරී වේ. දිවයින පුරා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය හේතුවෙන් ඔවුන් අතර යහපත් අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කර ගැනීමට මෙන්ම දැනට පවතින යහපත් සමාජ රටාවන්ට ඔවුන්ව යොමු කිරීමටද ඉඩ ප්‍රස්ථාව ලැබේ. එසේම ජීවත් වීමට සහ සංචාරය කිරීමට මීගමුව හා සමස්ත ශ්‍රී ලංකාවම සුදුසුයි යන පණිවුඩය දේශීය මෙන්ම විදේශීය ජනතාව අතරට රැගෙන යාමටද මෙය අවස්ථාවක් වනු ඇත.

“Go Green Challenge – 2019” තරඟාවලිය මීගමුව මහා නගර සභාවත්, ජනතාක්ෂන් ආයතනයත්, මීගමු නගරයේ හෝටල් හිමියන්ගේ සංගමයත්, ස්වේච්ඡා සේවකයන් සහ පරිසර සංරක්ෂණය කෙරෙහි උනන්දු වන ප්‍රජා කණ්ඩායම්හි සාමාජිකයන්ගේත් සාමුහික සාකච්ඡාවක ප්‍රතිඵලයකි. මීගමු නගරයට දැඩි ලෙස බලපාන පොලිතින් සහ ප්ලාස්ටික් දුෂණය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇත. යොවුන් දරු දැරියන් හට පොලිතින් සහ ප්ලාස්ටික් අවම කිරීමේ යහපත් පරිසර සංරක්ෂණ පිළිවෙත් පිළිබඳව වඩා පුළුල් අවබෝධයක් සහ තාත්ත්වික අත්දැකීමක් ලබා දීම සඳහා විශේෂිත ක්‍රියාකාරකම් කිහිපයක් මෙහිදී සැලසුම් කර ඇත. තරඟාවලියේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ජනතාක්ෂන් ආයතනයේ නාගරික කසල කළමනාකරණ ව්‍යාපෘති කණ්ඩායම විසින් මෙම ක්‍රියාකාරකම් සැලසුම් කර ඇත්තේ පසුගිය වසර දෙක පුරාවට මීගමුවේ පොලිතින් සහ ප්ලාස්ටික් අවම කිරීමට ඔවුන්  කටයුතු කල හෝටල්, සුපිරි වෙළඳසල් , වරාය සහ ආශ්‍රිත ප්‍රජාව යන ක්ෂේත්‍ර අධ්‍යනය කිරීමෙනි. මෙම සෑම ක්ෂේත්‍රකදීම පොලිතින් සහ ප්ලාස්ටික් අවම කිරීමට සහ පරිසර සංරක්ෂණයට ගතහැකි එකිනෙකට වෙනස් වූ ක්‍රියාමාර්ග අත්හදා බැලීම සඳහා තරුණ තරුණියන්ට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ලැබේ. මීට අමතරව තරඟාවලිය තවදුරටත් ආකර්ශනීය වන පරිදි කණ්ඩායම් හැඟීම සහ නායකත්වය වැඩි දියුණු කිරීමේ අංග කිහිපයකින්ද මෙය සමන්විත වේ.

ජයගාහකයින් සඳහා ත්‍යාග පිරිනැමෙන අතර ශ්‍රි ලංකාවේ හරිත නියෝජිතයන්වශයෙන් ඔවුන්ව දිරි ගැන්වීමද මෙහිදී සිදු කෙරුණු ඇත. “Go Green Challenge – 2019” තරඟාවලිය ශ්‍රී ලංකාවේ හරිත සංකල්පය ප්‍රවර්ධනය කරනු ලබන නගරය බවට මීගමුව පත් කරනු ඇති අතර එමඟින් දේශීය මෙන්ම විදේශීය අවධානයටද පාත්‍ර වනු ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භය 28 පෙරවරු 9.00 ට මිගමුව නගර ශාලාව අසලින් ආරම්භ වන අතර සවස 2.00 සිට වෙරළ උද්‍යානයේදී සරුංගල් තරගයක්, වෙරළ පිරිසිදු කිරිමක්, පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රරශ්න ඇසීමේ සහ කථා කිරීමේ තරගයක්, පරිසරය යන තේමාව යටතේ චිත්‍ර  තරගයක් ඇතුළු ක්‍රියාකාරකම්  රැසක්  පැවැත්වීමටත් ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග ප්‍රධානය කිරීමටත්සංවිධායක මණ්ඩලය සැලසුම් කොට ඇත.

වැඩිදුර තොරතුරු  0716587169/0714637767න් ලබාගන්න

යොෂාන් මදුසංක

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here