ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය නියමිත දිනයේම

-

අලුතින් නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

මෙම පෙත්සම අද(25) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here