ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට

මිලෙන් වැඩි සුපිරි පන්තියේ ඇතැම් තේ බෑග් (ටී බෑග්) මගින් තේ කෝප්පය තුළට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් මුදා හැරීමේ ඉඩක් පවතින බව නවතම පර්යේෂණයකින් පෙන්නුම් කෙරෙයි.

කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් අනාවරණය කරගෙන ඇත්තේ, ඇතැම් ප්ලාස්ටික් තේ බෑග් මගින් ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඉහළ මට්ටමකින් ජලයට එක් කෙරෙන බවය.

කරාම ඔස්සේ ගන්නා ජලය සහ බෝතල් කළ ජලය මෙන්ම ඇතැම් ආහාර තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පුළුල් වශයෙන් හමු වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පානීය ජලයේ අඩංගු එවැනි අංශු මගින් අනතුරක් වෙතැයි පෙනෙන්නට නොමැති බවය.

කෙසේ වෙතත් ඉහත කී සොයා ගැනීම් “සීමිත තොරතුරු” මත පදනම්ව ඉදිරිපත් කර ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය එකී ගැටලුව සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණයක් කරන මෙන් ඉල්ලා සිටී.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුවලින් ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන ලෙස කැනඩාවේ මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ ද ඉල්ලා සිටිති.

ඕනෑම ආකාරයක කුඩා (දිගින් මිලි මීටර 5 ට අඩු) ප්ලාස්ටික් කැබලි, ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හැඳින්වේ.

TeabagImage copyrightGETTY IMAGES

ඉහත කී පර්යේෂණය සඳහා ඔවුන් විසින් සන්නාම හතරකට අයත් ප්ලාස්ටික් දවටන තුළ බහා ඇති තේ මිලදී ගනු ලැබ ඇත.

බොහෝ තේ බෑග් කඩදාසි යොදා සකසා තිබුණ ද, මිලෙන් වැඩි ඇතැම් සන්නාම කඩදාසි වෙනුවට සිය තේ අඩංගු කිරීම සඳහා දැල් සහිත ප්ලාස්ටික් බෑග් වර්ගයක් දෙසට යොමු වී ඇත.

පර්යේෂකයන් එම බෑග්වලින් තේ ඉවත් කර හිස් බෑග් පමණක් සෙල්සියස් අංශක 95ක උෂ්ණත්වයක් යටතේ (තේ ‘උණු’ කිරීම සඳහා යොදා ගන්නා උෂ්ණත්වයේ) උණුසුම් කර ඇත.

එහිදී ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ, එක් ප්ලාස්ටික් තේ බෑගයකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන 11.6ක් සහ නැනෝ ප්ලාස්ටික් අංශු බිලියන 3.1ක් උණුසුම් ජලයට එක් වන බවය. එම අංශු පියවි ඇසින් කිසිසේත් දැකගත නොහැකිය.

“තේ බෑග් ඇසුරුම්වලින් මුදා හරින ප්ලාස්ටික් අංශු මට්ටම මීට පෙර වෙනත් ආහාරවල වාර්තා වූ ප්ලාස්ටික් ප්‍රමාණයට වඩා වැඩි” බව මෙම පර්යේෂණය මගින් හෙළි වී ඇතැයි ‘Environmental Science and Technology’ සගරාවේ පළ කර ඇති පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

ඊට සහභාගි වූ පර්යේෂිකාවක වන ලෝරා හර්නැන්ඩස් පවසන්නේ, බෝතල් කළ පානීය ජලය වැනි ආහාරපාන සම්බන්ධයෙන් කළ පර්යේෂණයන්ට සාපේක්ෂව තේ බෑග් සම්බන්ධයෙන් කළ පර්යේෂණයේදී ලැබුණු නිගමන සම්බන්ධයෙන් සිය කණ්ඩායම විස්මයට පත්වූ බවය

BBC SINHALA

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img