31 C
Negombo
31 C
Negombo

සිදුවේ ‘කොක්ෆිට්’ සමාජශාලාවේ වෙඩිතැබිම -සැකකරුවන්ඇප පිට මුදාහැරේ

-

සිදුවේ  සමාජ ශාලාවකට පැමිණසිටි අයෙකුට වෙඩිතබා ඝාතනයට තැත්කිරීමේ  සිද්ධියකට අදාලව සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සමාජ ශාලා හිමියෙකුටසහ ඔහුගේ සේවකයෙකු ඇපමත මුදාහරින ලෙස  මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

මුදලින් 50000 දහසක සහ ලක්ෂපහ  බැගින්වූ ශරීර ඇපමත මුදා   හැරියේ  සීදුවේ ‘කොක්ෆිට්’ සමාජ ශාලාව හිමි ව්‍යාපාරිකයා වූ දංකොටුව මීගමුව පාර අංක: 132 හි පදිංචි පි‍්‍රයනාත් ජෝර්ජ් පි‍්‍රයංකර අප්පුහාමි සහ නීල්දණ්ඩාහින්නේ පදිංචි සුපුන් චන්ද්‍ර නමත්තන්ය .

2018 දෙසැම්බර් මස 9 වැනි දින පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණි ගිහාන් ළහිරු නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිචෝදනා ලබා තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් පසු පොලිසිය මගහැර කට්ටි පනිමින් සිටි බව කියන සැකකරු පෑලියගොඩ දිස්ති‍්‍රක් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.