30 C
Negombo
30 C
Negombo

රොයිස් තවදුරටත් රිමාන්ඩ් – සභා රැස්වීම්වලට පැමිණීමට අවසර – දෘඩාංගතැටිය මොරටුව සරසවියට

-

එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඔක්තෝබර්  මස 16  වන දින දක්වා තවදුරටත්  රක්‍ෂිත බන්ධනාගාර ගකරනලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය නියෝගකළේය.

එමෙන්ම පොලිසිය විසින් සොයාගෙන ඇති ඩිවීආර් යන්ත්‍රයක දෘඩාංගතැටිය පරික්ෂා කිරීම සදහා මොරටුව සරසවිය වෙත යැවීමට ද නියෝග කෙරිණි.

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  2 දින දක්වා රක්ෂිත බනධනාගර ගතකරනු ලැබ තිබුණි.

රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රී වරයාට මිගමුව මහානගර සභාවේ සභා කාරක සභා  රැස්වීම්වලට සහභාගී වීමට  අවසර ලබාදෙන ලෙස විත්තියේ නීතිඥයන් කරන ලද ඉල්ලීමට අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ  කාරක  සභා රැස්වීම්වලට සහභාගී වීමට අවසර ලැබුණි.

කටාන පොලිසියේ සැරයන් ප්‍රියන්ත ලාල් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සරත් පද්ම කුමාර මහතා ඇතුළු නීතිඥයන් පිරිසක්ද විත්තිය වෙනුවෙන් නීතිඥ චාමර ජයසිංහ මහතාද පෙනී සිටියේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.