රොයිස් තවදුරටත් රිමාන්ඩ් – සභා රැස්වීම්වලට පැමිණීමට අවසර – දෘඩාංගතැටිය මොරටුව සරසවියට

එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඔක්තෝබර්  මස 16  වන දින දක්වා තවදුරටත්  රක්‍ෂිත බන්ධනාගාර ගකරනලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය නියෝගකළේය.

එමෙන්ම පොලිසිය විසින් සොයාගෙන ඇති ඩිවීආර් යන්ත්‍රයක දෘඩාංගතැටිය පරික්ෂා කිරීම සදහා මොරටුව සරසවිය වෙත යැවීමට ද නියෝග කෙරිණි.

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  2 දින දක්වා රක්ෂිත බනධනාගර ගතකරනු ලැබ තිබුණි.

රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රී වරයාට මිගමුව මහානගර සභාවේ සභා කාරක සභා  රැස්වීම්වලට සහභාගී වීමට  අවසර ලබාදෙන ලෙස විත්තියේ නීතිඥයන් කරන ලද ඉල්ලීමට අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ  කාරක  සභා රැස්වීම්වලට සහභාගී වීමට අවසර ලැබුණි.

කටාන පොලිසියේ සැරයන් ප්‍රියන්ත ලාල් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සරත් පද්ම කුමාර මහතා ඇතුළු නීතිඥයන් පිරිසක්ද විත්තිය වෙනුවෙන් නීතිඥ චාමර ජයසිංහ මහතාද පෙනී සිටියේය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img