මදුරු කීටයන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය 20 දෙනෙකුට රුපියල් 160000 ක දඩ මුදලක් මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන එල් මහවත්ත මහත්මිය විසින් නියම කළේය.
මදුරු කීටයන් බෝවීමට හැකිවනලෙස පරිසරය පවත්වාගෙන ගියබවට චෝදනා ඉදිරිපත් කරමින් මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් 2012 මහජන පීඩාවට පත්කිරීමේ ප්‍රඥාප්තිය යටතේ මෙම 20දෙනාට එරෙහිව නඩුපවරා තිබු අතර 20 දෙනාම වරද පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් එක්අයෙකුට රුපියල් 8000 බැගින් දඩ මුදලක් නියම කළේය.
මිගමුව මහානගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් වී ඒ ගුණරතන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන මංජුල සම්පත් එස් වර්ණකුලසුරිය යන නිලධාරීන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
මෙසේ දඩ නියමවුයේ පෙරියමුල්ල තම්මිට සහ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකටය.පළමු අවස්ථාවේ අවවාද කිරීමෙන් අනතුරව දෙවන වරට මදුරුකිටයන් හමු වූ නිවෙස් හිමන්ට නඩුපැවරීම සිදුකර ඇත.
Who will be responsible for the water collected on potholes on the roads owing to repairs n constructions carried out by the state n left for a long time without doing anything abt them n all the stagnated drain water without a proper flow breeding mosquitos?? Who do you fine??!