30 C
Negombo
30 C
Negombo

ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

-

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා  කිරීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය‍.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.