32 C
Negombo
32 C
Negombo

දිසාගේවත්ත මංසන්දිය අසලදී ගැටුමක් එක් අයෙක් මියයයි දෙදෙනෙක් රෝහලේ

-

කටාන  පොලිස්වසමේ දිසාගේවත්ත මංසන්දිය අසලදී තියුණු ආයුද වලින් පහර දීමෙන්  52 හැවරදී විවාහක යෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්වි ඇත්තේ කටාන කළුවරිප්පුවේ දිසාගේවත්තේ ශාන්ත අනාමාවතේ පදිංචිකරුවෙකු වූ සිංගප්පුලිගේ  සුනිල් ශාන්ත නොහොත් ආමිනිමල් නැමත්තෙකි.

මිය ගියඅය බිරිද සමග යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී තවත් යතුරු පැදි දෙකකින් පැමිණි හතර දෙනෙකු විසින්  මගහරස්කර තියුණු අයුදවලින් පහරදී ඇතිබවත් නීතිවිරෝධී මත්පැන් (කසිප්පු ) බෙදාහැරිම සහ විකිණීම සම්බන්ධයෙන් පැවති කෝන්තරයක් මෙම ගැටුමට හේතුවී ඇති බවත් කටාන පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව වාර්තාවේ.

පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මියගිය අයගේ බිරිද සහ සැකකරුවෙකුද මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර  මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි කටාන පොලිස් ස්ථානාධිපති පොලිස්පරික්ෂක ආර් ඒරාජපක්‍ෂමහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.