32 C
Negombo
32 C
Negombo

දළුපොත සිරකදවුරපාරේ නිවසක තිබී කාන්තා මළසිරුරක් හමුවේ

-

මිගමුව පොලිස්වසමේ දළුපොත  සිරකදවුර පාරේ  සාලිස් මාවතේ නිවසක් තුලතිබු අභිරහස්ලෙස  මියගිය   කාන්තා මළසිරුරක් මිගමුව පොලිසියවිසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් පමණවන දීපිකා නමින් හදුන්වන කාන්තාවකි.අරක්කැමියෙකු බවකියන රොෂාන් නැමැත්තෙකු සමග මියගිය කාන්තාව කුලී නිවැසියන් ලෙස නිවසේ පදිංචිව සිට ඇති බවත් රොෂාන් නැමැත්තා මේ වනවිට අතුරුදහන්ව ඇති බවත් පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නිවස තුල තිබු මළසිරුර සොයාගෙන ඇති අතර එය දිනකිහිපයකට පෙර සිදුවූ මරණයක් බවට පොලිසිය සැකකරයි.

මෙය මිනීමැරුමක් බවට සැකකරන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.