ඇත්ගාලේ එක්දරු මවගේ ඝාතනයට කුඩෙක් අත්අඩංගුවට

-

කටාන ඇත්ගාල පොල්වත්තක මුරනිවසේ ජීවත්වූ 33 හැවරදී එක්දරු මවකට යකඩ පොල්ලකින්  පහරදී ඝාතනය කර ඇයගේ දියණියට 9  සහ61 හැවරදී මවට  බරපතල තුවල සිදුකල බවට සැකපිට 25 හැවරදී මත්ලෝලියෙකු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත

පසුගිය 10 වනදින රාත්‍රියේ සිදුකල පහරදීමකින්31 වියැති  නදීෂා දිනිති කුමාරි නමැති එක්දරු මවක් මියගොස් ඇයගේ 9 දි හැවරදී යණියට සහ61 හැවරදී මවට බරපතල  සිදුව තිබුණි.

මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව මඩම්පැල්ලේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හල්පේ කෝපියවත්තේ පදිංචි කරුවෙකි.

සැකකරු විසින් මියගිය කාන්තාවගේ ගෙලබැදි රන් දම්වැල සහ අත්පලදනවා ගලවා ගෙන ගොස් විකුණා මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇතිබව මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලින් අනාවරණයකරගෙන ඇති අතර පහරදීමට යොදා ගත්බවට සැකකරන යකඩ පොල්ලද අත්අඩංගුවට ගැනීමටද පොලිසියට හැකිවී ඇත.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස්පරිදි මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සම්පත් දිසානායක උපපොලිස් පරීක්ෂක රත්නකුමාර සැරයන් වරුන්වන 52607 ජයකොඩි 25582 ගුණසේකර සහ පොලිස් කොස්තාපල්වරුන්වන 37928 වන්නිනායක 84442 පෙරේරා 82556  ගයාන් යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here