32 C
Negombo
32 C
Negombo

පළාත් 5කට තද වැසි-කාලගුණෙන් රතු නිවේදනයක්

-

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

වැස්ස සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.