32 C
Negombo
32 C
Negombo

11 දෙනෙකුට ජපන් ප්‍රංශ හොරවිසා කෝටි 3 ක් වංචා කරල – සැකකරු රිමාන්ඩ්

-

ජපානයේ සහ ප්‍රංශයේ රැකියා ලබදෙනබවට පොරොන්දුවී පුද්ගලයන් 11 දෙනෙකුගෙන් කෝටි තුනකට අධික මුදලක් වංචාකර සැගවිසිට අත්අඩංගුවටගත් සංචරක ව්‍යාපාරිකයෙකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේපකල මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය සැකකරු දෙසැම්බර් මස 3 වෙනිදින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්ලෙස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ කටාන මිරිස්වත්ත දෙමන්හන්දියේ පදිංචි බවකියන 57 වියැති  බ්‍රයන් බර්නාඩ් ඩේවිඩ් නමැත්තෙකි.

මුදල් ලබාගත් 11 දෙනාට ව්‍යාජ ප්‍රංශ සහ ජපන් විසා ලබාදී සැකකරු චීනයට පලාගොස් සැගවී සිටඇත.

තම බිරිද බැලීමට රහසිගතව යලි පැමිණ සිටි වංචනිකයා පිලිබදව තොරතුරැ අනාවරණය කරගෙන ඇති  මොහුගේ වංචාවට හසුවූ අයවිසින්(පැමිණිලිකරුවන් ) සැකකරු අල්ලා මිගමුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට බාරදී  ඇත.

මිගමුව පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක විජේරත්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දිකද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනිසිටියේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.