31 C
Negombo
31 C
Negombo

අද සවසත් වැස්ස සමග තාවකාලික තද සුළං

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  මධ්‍යහන 12.00 හට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන ප.ව.2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50-75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.