ඩුබායිගිය ගෘහසේවික ඝාතනය කර මළසිරුර නිවසේ අධිශීතකරණය තුල දමලා

වසර 37 ක් ඩුබායිහි සේවයකළ 60  හැවරදී කාන්තාවක් ඝාතනය කර ඇය කුලියට ගෙන පදිංචිව සිටි නිවසේ අධිශීතකරණය තුල සගවා තිබී ඇති බව මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ගොඩ්පිරි කුරේ මහතාහමුවේ 28  අද මිගමුව මහරෝහලේ පැවති මරණ පරීක්ෂණයකදී අනාවරණය විය

.

මෙලෙස කුරිරු ලෙස ඝාතනය වී ඇත්තේ ගම්පහ වලවුව වත්තේ 313/47 දරණ තැන පදිංචිව සිටි කලුවාදෙවගේ ශ්‍රියා කුමුදිනී නමැති එක්දරු මවකි.

මියගිය අයගේ එකම දරුවා වන කේ චමින්ද පෙරේරා 39 විසින් මරණ පරීක්ෂණයේදී දෙන ලද සාක්‍ෂි අනුව

පළමුව ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් ඇති මෙම කාන්තාව පසුකලෙක  පාසැලක පවිත්‍රතා කටයුතු සිදුකරමින් අරාබි ජතිකයෙකුගෙන් කුලියටගත් නිවසක පදිංචිව සිට ඇත.

ඇය වරින්වර ලංකාවට පැමිණ ඇතිඅතර තමාගේ දරුවන් ද පාසැල් නිවාඩු වලදී  ඩුබායි වෙත ගෙන්වා ගත්බවත් දිනපතාම ඇය දුරකථනයෙන් පණිවුඩ ලබාදෙන නමුත් අගෝස්තු මස 13 දිනසිට දුරකථන ඇමතුම් නොලැබුන නිසා තමා ඩුබායි සිටින දන්නා හදුනන අයට කතාකර මව ගැන විමසීම් කළබවද  මව මරා අධිශීතකරණයක දමා ඇතිබව තමන්ට දැනගන්නට ලැබුණු බවද ඒ අනුව තමා මේ පිලිබදව විදේශ අමාත්‍යංශයට සහ විදේශ සේවා කාර්යංශයට දැනුම් දුන්බවද තම මවගේ දේහය ගුවන් මගින් මෙම මස 27 දින ශ්‍රීලංකාවට ඒවා තිබුබවද  සාක්‍ෂි කරුපැවසිය.

ඉදිරිපත් වූ කරුනුසැලකිල්ලට ගත් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ගොඩ්පිරි කුරේ මහතා මිගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පස්චාත් මරනපරික්ෂණයක් පවත්වාඑහි වාර්තාව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  පස්චාත් මරනපරික්ෂණයෙන් පසු දේහය මියගිය අයගේ පුත්‍රයා වන කේ චමින්ද පෙරේරා යන අයට බාර දෙනලෙසද නියෝග කළේය.

වැඩබලන මහේස්ත්‍රාත් ගොඩ්පිරි කුරේ මහතා මිගමුව මහරෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මියගිය අයගේ සිරුර පරීක්‍ෂා කල අවස්ථාවේදී ඇගේබෙල්ලේ සිට යටිබඩ දක්වා කපා පසුව මසා ඇතිබවත් ඇයගේ අත්වල කැපුම් තුවාල දක්නට ඇතිබවත් පියයුරු තැලී කළුපැහ ගැන්වී ඇතිබවත් නිරීක්ෂණය වී තිබිණි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img