පලාලි ගුවන් තොටුපලේ මිරිස් ගබඩා කරන්නේ නෑ -ඇමති ප්‍රසන්න

පසුගිය ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කලාක් මෙන් පලාලි ගුවන් තොටුපලේ මිරිස් ගබඩා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැතැයි කාර්මික අපනයන ආයොජන ප‍්‍රවර්ධන සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන දුර්වල  කර විකුණා දැමීම පසුගිය රජයේ ප‍්‍රතිපත්තිය වුවද වත්මන් රජය යටතේ එය සම්පූර්ණයෙන්ම අහෝසි වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ ප‍්‍රගතිශීලි සේවක සංගමයේ නියෝජිතයින් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡුාවකදි රණතුංග මහතා මේ බව සදහන් කලේය.

පසුගිය පාලන කාලයේදි කටුනායක ගුවන්තොටුපල පරිපාලනය අත්තනෝමතිකව ලෙස කටයුතු කළ බවත් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම සේවක අයිතීන් පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදි පෙන්වා දුන්හ.

සාකච්චාවේදි අහදස් දැක්වූ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘පසුගිය ආණ්ඩුවට තිබුනේ රාජපක්‍ෂ භීතිකාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නම් කර තිබීම නිසා ඉන් උරන වූ එක්සත් ජාතික පක්‍ෂයට එය විනාශ කිරීමට ඔනෑ උනා ඒ නිසා තමයි මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කලේ කඩමුඩියේ පහුගිය ආණ්ඩුව හදපු පලාලි ගුවන්තොටුපලේ හරි හමන් ශක්‍යතා අධ්‍යනයක්වත් සිදුවී නැහැ. එහෙත් පලාලි ගුවන්තොටුපලේ මිරිස් ගබඩා කරන්න අපි ලැස්ති නැහැ.

වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව තමයි මුඩුබිමක්ව තිබූ මේ රට වැඩ බිමක් කිරීම ඒ සදහා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරලා සංචාරකයින් මෙරටට ගෙන්වීමේ විශේෂ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. ආයෝජකයින් මේ රට දාලා ගියා අපි නැවතත් ආයෝජකයින්ට සුරක්ෂිත පරිසරයක් රට තුල නිර්මාණය කරලා රටේ කර්මාන්ත ක්ෂේත‍්‍රය දියුණු කරන්න බලාපෝරොත්තු වෙනවා. එකෙදි ගුවන්තොටුපල සංවර්ධනයට අපි වැඩි අවධානයක් යොමු කරනවා කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය වගේම මත්තල, යාපනය සහ මඩකලපුව ගුවන්තොටුපල සංවර්ධනයට නව රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරි සතිය තුල අපි මේ පිළිබදව මූලික සාකච්ඡුා ආරම්භ කරනවා.

මසකට වරක් වෘත්තීය සමිති සමග සාකච්ඡුා කොට ගුවන්තොටුපල සංවර්ධනය සදහා ඔවුන්ගේ අදහස් හා යෝජනාද ලබා ගැනීමට අපේක්ෂා කරන බව රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ප‍්‍රගතිශිලි සේවක සංගමයේ සභාපති ප‍්‍රසාද් විජේරත්නසේකර මහතාද මෙහිදි අදහස් පළ කලේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img