රටට සේවය කරන්න කැමති වෘත්තිකයන්ට ජනාධිපතිගෙන් අනගි අවස්ථාවක්

-

අභිලාෂය පළ කිරීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 18

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ගෙන් සමන්විතය.

උක්ත තනතුරු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ඇති වෘත්තිකයන් සිය අභිලාෂය පළ කිරීමේ ප්‍රකාශ 2019 දෙසැම්බර් 18 දින හෝ ඊට පෙර කමිටුව වෙත යොමු කරන්නැයි ජනාධිපති කාර්යාලය ඔවුන් වෙත දැනුම් දෙයි

PMDNEWS

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here