32 C
Negombo
32 C
Negombo

මිගමුව රෝහලේ සේවක හිගයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ වැඩ ප්‍රමාදයි

-

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය සේවකයන් නොමැතිවීමෙන් එම කාර්යාලයේ සේවාවන්පවත්වාගෙනයාම අසීරුවී ඇත.

“අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍යකාර්ය මණ්ඩලය  රෝහල් අධ්‍යක්ෂක වරිය විසින් ලබානොදෙන බැවින් ඔබගේ වැඩකටයුතු ප්‍රමාදවනබව කණගාටුවෙන් සලකන්න”

යනුවෙන් සදහන් දැන්වීමක් ද අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇතිඅතර එහි සදහන් කරුණු සත්‍යබවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් වරයා ලිඛිතව දන්වා තිබියදී රෝහල් අධ්‍යක්ෂක වරිය සේවකයන් ලබානොදෙන බව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි.කේ විජේවර්ධන මහතා අපකල විමසීමකදී තහවුරු කලා

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය මහත්මියගෙන්ද අප මෙපිලිබදව විමසීමක් කල අතර රෝහලේ සේවක හිගයක් ඇතිබවත් සෑම අංශයකටම රාජකාරි කටයුතුකරගෙනයාම සදහා අවශ්‍ය අනුයුක්ත කලහැකි සේවකයන් ප්‍රමාණය ලබාදී ඇතිබවද ඉල්ලා ඇතිපරිදිඅලුතින් සේවකයන් පැමිණි වහාම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයටද තවත් සේවකයෙක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.