ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට – ජනාධිපති ගෝඨාභය

තම ධූර කාලයේ දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා අතර නිල හමුව   (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිතුමා චාරිත්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට්‍රපති භවන් හි දී මහත් හරසරින් සිදු කෙරිණි.

එහිදී ඉන්දීය රජය එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙකු වෙත පිරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරු දෙපළ අතර හමුව සිදු විය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශීංසන පළ කළ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව සඳහන් කළේය.

නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉන්දීය ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහය ලබා දෙන බව ද පැවසීය.

මෙම හමුවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් (S.Jaishankar) ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (V.K Singh) යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වුහ.

ඉන් අනතුරුව රාජ් ගාත් Raj Ghat වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත ගොස් උපහාර දැක්විය.

විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වු සැමරුම් පොතේ අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරිණ.

news.lk

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img