32 C
Negombo
32 C
Negombo

පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වැඩි වීමක්

-

අද  මධ්‍යහන 12.00 හට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

දිවයින පුරා (විශේෂයෙන්ම උතුරු, වයඹ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ) පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වැඩි වීමක් අද දින (නොවැම්බර් 30) බලාපොරොත්තු වේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, වයඹ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. (යාපනය, කිලිනොච්චි, මුලතිවු, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්ක)

සෙසු පළාත්වල (විශේෂයෙන්ම දකුණු සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.