32 C
Negombo
32 C
Negombo

එකම කඳවුරේ පුහුණුවලැබූ හමුදා නිලධාරීන් දෙදෙනකු – ජනතා නියෝජිතයන් ලෙස හමුවී

-

හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද (30) යළි හමුවිය.

ඒ දේශපාලන තොරතුරු පිළිබඳ කතාකිරීමට නම් නොවේ.

එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අනිත් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී.කේ. සිං මහතායි.(VK Singh)

මේ හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ අද විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනෙකු පමණ එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එය බොහෝ සුහදශීලි අතීතය ස්මර්ණය කරන පිළිසඳරක් බවට පත් විය.

මේ අතරින් බොහෝ දෙනෙක් ඉන්දිය සාමසාධක හමුදාවේ නිලධාරින් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අය බව සඳහන් වේ.

ඒ අතීතයත්, අමතක නොවන සිදුවීමුත් මේ කතාබහට ඇතුළත් වු බව වාර්තා විය.

ඔවුන් එම සුහද හමුවෙන් සමු ගත්තේ අතීතය විසින් නැවත එක් කළ අලූත් මිතුරන් පිරිසක් ලෙසින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහි වැදගත් කාරණය වන්නේ මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැගුණු දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරයි

-අද දෙරණ-

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.