මහා බැංකු හොරකමට උපරිම දඩුවම්

පසුගිය රජයේ වංචා හා දූෂණ වලට සෘජුවම වගකිව යුතු අයට රටේ නීතිය යටතේ උපරිම දඩුවම් ලබා දීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මහා බැංකු හොරකමට වගකිව යුතු පුද්ගලයන්ට ද මේ අනුව උපරිම දඩුවම් ලබා දෙන බවයි. මේ පිළිබද ව සොයා බැලීමට පත් කළ කොමිසමේ නිර්දේශ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද රණතුංග මහතා කීවේ ය.

ගම්පහ උඩුගම්පල පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහි දි මාධ්‍යවේදින් යොමු කල ප්‍රශ්න හා ඒවාට ලබා දුන් පිළිතුරු මෙසේ යි.

ප්‍රශ්නය :-  පසුගිය මැතිවරණයේ දි ජනතාව ප්‍රතික්ෂේප කළ පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වු අයටත් ආණ්ඩුව ඇමතිකම් ලබා දි තිබෙනවා. ඒක ජනවරමට පිටුපෑමක් නොවෙයි ද ?

පිළිතුර :-  පසුගිය ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප සමග එකතු වුණා. එතන දි වැඩි වශයෙන් ඉන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු අයයි. එතන දී ඒ අය ගැනත් සලකා බැලීමට අපිට සිදු වුණා. අපි අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගත්ත ද අපිට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. ඒ නිසයි මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණේ. මේක මැතිවරණ පොරොන්දු කඩ කිරීමක් නොවේ. අපි ජනතාවට දුන් පොරොන්දු දිවි හිමියෙන් රකිනවා. මේ තත්ත්වය රටේ ජනතාව හොදින් වටහා ගෙන තිබෙන බව අපි දන්නවා.

ප්‍රශ්නය :-  ජාතික ලැයිස්තුවෙන් ආපු ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට ඇමතිකම් ලබා දීම වරදක් නෙමෙයි ද?

පිළිතුරු :- මැතිවරණයෙන් පරාජයට පත් වුණ කිසිවෙකු අප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරන්නේ නෑ. ඒක අපි ජනතාවට දෙන පොරොන්දුවක්. නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ පවතින ඒ තත්ත්වයට වගකියන්න ඕනේ අප නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඉදිරි අපේ ආණ්ඩුවක එවැනි දේ සිදුවන්නේ නෑ. ජනතාව ඊළග මැතිවරණයේ දී මේ රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

ප්‍රශ්නය :- පසුගිය ආණ්ඩුව බලයට පත් වුණේ හොරු අල්ලනවා කියලා.නමුත් එය සිදු වුණේ නෑ. ඔබලාත් කිව්වා පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා ගැන. ඒ ගැන පියවරක් ගන්නවා ද?

පිළිතුර :- පසුගිය ආණ්ඩුව හොරු අල්ලනවා කියමින් කළේ දේශපාලන පළිගැනිම් කරන එකයි. නමුත් අපි එහෙම ලෑස්ති නෑ. පසුගිය ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ බිහි වී නෑ. ඒ ආණ්ඩුවේ දූෂණ වංචා වලට වගකිව යුතු අයට අපි අනිවාර්යෙන් ම දඩුවම් දෙනවා. ඒ දඩුවම් දෙන්නේ රටේ පවතින නීතිය අනුවයි.

ප්‍රශ්නය :- බැදුම්කර හොරුන්ට දඩුවම් දෙන බවත් ඔබලා වේදිකාවේ පුන පුනා කිව්වා. කෝ මුකුත් වෙලා නෑනේ?

පිළිතුර :-  ඉවසන් ඉන්න අපි බැදුම්කර කොමිසමේ නිර්දේශ අනුව එහි වරදකරුවන් අනිවාර්යෙන් ම නීතිය හමුවට පමුණුවනවා. ඒක දෙකක් නෑ. හැබැයි අපි කටයුතු කරන්නේ රටේ නීතියට අනුවයි.

ප්‍රශ්නය :- මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද?

පිළිතුර :-  මත්තල ඉදිකරලා තිබෙන්නේ ජනතා බදු මුදලින් පසුගිය ආණ්ඩුවේ හිටපු මෝඩ මිනිස්සු මේ ගුවන් තොටුපල වහලා දැම්මේ මහින්ද මහත්තයා එක්ක තියෙන තරහට. අපි මත්තල ගුවන් තොටුපල මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපලක් ලෙස ඉදිරියේ දි දියුණු කරනවා. ඒ වගේම යාපනේ හා මඩකලපුව ගුවන් තොටුපලවල් සංවර්ධනය කරන්න අපි මේ වන විට සැලසුම් කරලා තිබෙනවා.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img