පාර්ලිමේන්තු සැසිය අදින් අවසන්- අලුත් සැසිය 2020 ජනවාරි 3

-

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය 2 ඊයේ රාත්‍රීයේ අවසන් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හා අවසන් කෙරුණු පාර්ලිමේන්තුව යළි විවෘත කිරීමට අදාළ ගැසට් නිවේදනය  (02) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම,පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය යනුවෙන් ඒ වගන්තියේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප්‍රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුතු බවත් ඒ දිනය ප්‍රකාශනයේ දින සිට මාස දෙකක් නොඉක්මන දිනයක් විය යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

නව ජනාධිපතිවරයෙකු පත් වූ පසුව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර නැවත සැසිවාරය විවෘත කිරීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායකැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ පසුව ඒ කමිටුවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු  පවසති.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here