29 C
Negombo
29 C
Negombo

පහළ වායු ගෝලයේ කැළඹිලි – අද සහ හෙට තද වැසි

-

දිවයින අවට පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට (04 සහ 05) දිනයන්හිදී වැඩි වේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්,නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක්ද උතුරුමැද, සබරගමුව,දකුණු, බස්නාහිර පළාත්වල සහ මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයක්ද ඇති විය හැක.

දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට ගිණිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

මේ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඇති විය හැකි ක්‍රියාකාරි වලාකුළු පද්ධති හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළගේ වේගය පැ.කි.මී. 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ රළු වීමට හැකියාවක් පවතී.
එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත්, වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.