32 C
Negombo
32 C
Negombo

රටම හැඩවෙයි -කටාන කුනුවෙයි

-

ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නවරජය බලයට පත්වීමත් සමග රටතුල කසල ඉවත්කර නගර අලංකරණය කිරීමේ වැඩපිළිවෙලක් පලාත්පාලන ආයතන පරිසර පොලිසිය සහ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් කටාන ප්‍රාදේශීය සභාව එම වැඩපිළිවෙල සමග අනුගතවී ඇතිබවක් දක්නට නැත.

මග දෙපස ඇති විදුලි කණුවල මෙන්ම දුරකථන කණුවල දේපල වෙළද සමාගම් ඇතුළු විවිධ කණ්ඩායම්  අනවසරයෙන් නීතිවිරෝධී ලෙස එල්ලන ලද බැනර් සහ කටවුට් වලින්  සහ ඒවායේ වැරහැලි වලින් පිරීගොස් ඇත.

මේවා ඉවත්කිරීම සදහා ප්‍රාදේශීය සභාව පියවර නොගන්නේ දේපල වෙළද සමාගම් සමග ඇති විවිධ බැදීම් නිසා බව දැනගන්නට ඇත

මාර්ග දෙපස කුණු කදු ගොඩගැසෙමින් ඇතිඅතර මේවායේ ඇති හිස්භාජන තුල එකතුවන් ජලයතුල මදුරුවන් බිත්තර දැමීමෙන්  මදුරු ඝනත්වය වැඩිවීමෙන්  ප්‍රදේශයේ ජනතාව ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානම ඉහළ ගොස් ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.