30 C
Negombo
30 C
Negombo

රාජිත සේනාරත්න දේශපාලන අපතයෙක් – ඇමති   විමල් වීරවංස

-

රාජිත සේනාරත්න දේශපාලන අපතයෙකු බවත් තමන්සිටින ආණ්ඩුවක පැත්ත පළාතකටඔහු  වැද්ද නොගන්නබව  ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති   විමල් වීරවංස මහතා පවසයි. ඇමතිවරයා   මෙම අදහස් පලකලේ (5) අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ මහතාට විරුද්ධව පවරා ඇති ගමන් බලපත්‍ර  නඩුවට  පෙනි සිටිම සදහා පැමිණි  අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ අමාත්‍යවරයා නව ජනාධිපතිවරයෙකු පත්වුපසුව පාර්ලිමේන්තුසැසිය අවසන්කිරීමේ    සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිවරයා විසින් ද සැසිය අවසන්කර ජනවාරි 3 දිනට පාර්ලිමේන්තුවේ නව සැසිය සදහා දින නියම කර ඇතිබවද   එදින ආරම්භවන පාර්ලිමේන්තුවේදී පත්වන කෝප් කමිටුවට  මහබැංකු වෝහාරික වාර්තාව  ඉදිරපත් කරන බවද පැවසිය.

පසුගිය රජයේ සිටි දුෂිත දේශපාලකයන් සම්බන්ධයෙන් දැනටම පරීක්ෂණ ආරම්භ කර ඇතිබවද පැවති ආණ්ඩුවේ ජනධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේවනවිට අල්ලස් කොමිසම සහ නිතිපති දෙපාර්තමේන්තුව වෙත  ලබාදී ඇතිබවත් එම වාර්තාවෙන් එලිදරුවී ඇති හිටපු ඇමතිවරුන්ට විරුද්ධව පළමුවෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වනබවද විමල් වීරවංස මහතා ප්‍රකාශ කළේය.

ස්වීඩන් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීමේ සිදුවීම පිලිබදව අදහස් පලකල විමල්විරවංශ අමාත්‍යවරයා ස්විස් තානාපතිවරයා  ලජ්ජාවිරහිතව ගොතනලද පට්ටපල් බොරුවක් සැලසුම් සහගතව ප්‍රසිද්දියට පත්කලබව සදහන් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.