32 C
Negombo
32 C
Negombo

නවසීලන්තයට බෝට්ටුවෙන් යන්න ආ මඩකලපුවේ 16 ක් මීගමුවේදී අත්අඩංගුවට

-

නිතිවිරෝධිලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට සුදානමින් නැගෙනහිර පලාතෙන් පැමිණ රැදී  සිටියදි අද (5 )අලුයම අත්අඩංගුවට ගත්   16  දෙන්නෙකු පිලිබදව මීගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශය විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

නාවික හමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මිගමුව වැල්ලවීදිය අශ්වයා සුරුවම අසල නවතා තිබු වෑන් රථයක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 22 සිට 40 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මෙම පිරිස කල්කුඩා වාලච්චියන එරාවුර් ප්‍රදේශ වල පදිංචි දමිළ තරුණයන් බව පොලිසිය විසින් සිදුකරන ලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන  ස්ථානාධිපති චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා සහ 11215 කාන්තා පොලිස් කොස්තාපල් කුමාරි යන නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මිගමුව ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ අදීක්ෂණය යටතේ සිදුකරන විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.