මත්පැන් හා දුම්කොළ අපරාධ පිළිබඳ තොරතුරු 1913 ට කියන්න

-

2019 වර්ෂාවසාන උත්සව සමය නිමිති කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍රලත් මත්පැන් විකිණීමේ ස්ථාන හා මත්පැන් සැපයීමේ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු පමණ යොදවා දැවැන්ත මෙහෙයුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇත.

දෙසැම්බර් 11 දා ආරම්භ කළ මෙම මෙහෙයුම් 2020 ජනවාරි 05 දින දක්වා සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.

දිවයින පුරා පිහිටි සුරාබදු කාර්යාලවල අනුයුක්ත නිලධාරීන් විසින් සිදු කරනු ලබන මෙම මෙහෙයුම් දිස්ත්‍රික් සුරාබදු අධිකාරිවරුන් හා පළාත් සුරාබදු කොමසාරිස්වරුන් විසින් අධීක්ෂණය කරනු ලබන බවද කුමාරසිංහ මහතා පැවසීය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මහජන සහය පතන අතර සුරා, මත්පැන් හා දුම්කොළ අපරාධ පිළිබඳ තොරතුරු 1913 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිට

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here