චම්පික රණවක අත්අඩංගුවට පත්වීම – දේශපාලන පළිගැනීමක් නෑ ඇමති සියබලාපිටිය

-

ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය දේශපාලන පලිගැනීම්  සිදු නොකරන බවත් යමෙකු නිතිය උල්ලංඝනය කර කටයුතු කලොත් ඊට එරෙහිව නිත්‍යානුකූලව පියවර ගැනීම  කලයුතුම බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය  මහතා පවසයි

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලේ මිගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වෙන  2019 ජාතික බීච් වොලිබෝල් ශුරතා තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවී පිටවයන අවස්ථාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට පත්වීම  දේශපාලන පළිගැනීමක් නොවන බවත් රටක සියළු පුරවැසියන් නීතියට යටත් බවද ඔහු ඇමතිවරයෙක්ද  හිටපු   ඇමතිවරයෙක්ද නිලධාරියෙක්ද යන්න අදාලනොවන බවදපැවසිය.

දේශපාලඥයෙක් මෙවැනි තත්වයකට පත්වූවිට අවධානය වැඩි බවත්  විවිධ පාර්ශවයන් නොයෙක් ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බවද අපේරටේ පොලිසිය සහ අධිකරණය ඉතාමත් ස්වාධිනව විනිවිධ බාවයෙන් කටයුතු කරනබත්රාජ්‍ය ව  අමාත්‍ය වරයාප්‍රකාශ  කළේය.

දේශපාලඥයෙකු අත්අඩංගුවට පත්වූ අවස්ථාවක එය දේශපාලන පලිගැනීමක් යයි ප්‍රකාශ කිරිම සාමාන්‍ය දෙයක් බවද පුදුම විය යුත්තේ එසේ ප්‍රකාශ නිකුත් නොවුනොත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here