ජනාධිපතිවී ගෝඨාභය මොනවාද කලේ

-

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව ගත වූ මසක් තුළ එළැඹී තීන්දු තීරණවලට මහත් ජනතා ප්‍රසාදයක් හිමිව තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එළැඹි එම තීන්දු තීරණ පහත පරිදි වේ.

 රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම.
 ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.
 අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගැනීම.
 පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම සහ එක් දිස්ත්‍රික්කයකට එක බැගින් වූ ත්‍රෛයි භාෂා පාසල් පිහිටුවීමට සැලසුම් කිරිම.
 අ.පො.ස උ/පෙළ සමත් සිසුන් කඩිනමින් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දීම.
 විශ්ව විද්‍යාල වරම් නොලබන උ/පෙළ සමත් සියලු සිසුන්ට විශ්ව විද්‍යාල වරම් ලබාදීමේ අවකාශ කඩිනමින් සැකසීමේ මූලික කටයුතු සම්පාදනය.
 ජාතික අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල ආයතන බවට පත්කිරීම සඳහා කමිටුවක් පත්
කිරීම.

 අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි පුහුණු පාඨමාලා ආරම්භ කර නිපුණතාවයක් සහිත තරුණ පරපුරක් රැකියා වෙළෙඳ පොළට යොමු කිරීමට පියවර ගැනීම.

 දිළිදුකම පිටුදැකීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින්, අන්ත දරිද්‍රතාවයෙන්පෙළෙන පීඩිත පුවල්වලින් තෝරාගත් නිපුණතාවයක් නොමැති තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයක් උදාකර දීමට පියවර ගැනීම.
 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රුකියා වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර ඩිප්ලෝමා අවස්ථා දහසක් හඳුන්වා දීම.
 සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට කෙටුම්පත් සැකසීම.
 රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණය සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.
 කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීම.
 දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

 සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදෙන කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන ගෙන ඒම.
 මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.
 මාර්ග තදබදයට විකල්පයක් ලෙස කි.මි ලක්ෂයක අන්තර් විකල්ප මාර්ග ජාලයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.

 රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයා බැලීම සඳහා ඒ ඒ ආයතනවල නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විම.

 එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

 රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

 ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරිම.
 කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.

 රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.

 රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරිමට උපදෙස් දිම.
 රාජ්‍ය ආයතනවල පවත්වන අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

 සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම.
 රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.

 පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලිම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය ලබාදීම.

 තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදා ගැනීමට සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම.
 ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපතිවරයා සතු නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
 ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවයට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.
 පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

 පරිසරය සම්බන්ධයෙන් පොලීසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ.

 භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
 රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරෑප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

 මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.
 රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.
 දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ධ 25% කින් පහත දැමීම.
 15% වැට් බද්ධ 8% දක්වා පහත හෙළිම.
 ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම

NEWSLK

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here