32 C
Negombo
32 C
Negombo

මාධ්‍ය වල සංදර්ශන දැම්මට මම වැරදි කරලා නෑ – රවි කරුණානායක

-

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න හන්දිගානේ කථා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි

ඒ මහතා මෙම අදහස් පලකලේ ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේන පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ සුවදුක් විමසීමට අද 24 මිගමුව බන්ධනාගාරයට පැමිණ පිටවයන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රශ්නය වැඩිපුරම අවුස්සන්නේ මාධ්‍ය බවද නව මුහුනුවරක් ලබාදී 2020  ජයග්‍රහණය කළහැකි ස්වරුපයක්  පක්‍ෂයට   ඇතිකිරීමට කටයුතු කරබවද පැවසූ මන්ත්‍රීවරයා මාධ්‍ය වල සංදර්ශන පෙන්වුවත් තමන් කිසිදු වරදක් කර නැතිබවද ප්‍රකාශ කළේය.

නැවතත් සියලු දෙනාටම එකට වැඩකලහැකි ජාතික ආණ්ඩුවක් ඇතිවනවා නම්  කැමතිබවද ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග  එකට වැඩකිරීමේ අපහසුතාවයක් තමන්ට නොපෙනෙන බවද රවි කරුනානායක  මහතා වැඩිදුරටත් පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.