31 C
Negombo
31 C
Negombo

මිගමුව පිස්කල් හංදියේ මාරක රිය අනතුරක් – තරුණියක් මියයයි තුන්දෙනෙක් රෝහලේ

-

මිගමුව පරණ හලාවත පාරේ පිස්කල් හන්දිය අසල අද 24 අලුයම  සිදුවූ මාරක රිය අනතුරකින් 31 හැවරදී තරුණියක්  මියගොස් තරුණයන් තිදෙනෙක් තුවාල ලැබ රෝහල් ගතකර ඇත.

මෙසේ අනතුරින්  මියගොස් ඇත්තේ   අංක 403 දුම්රියපොළ පාර කටුනායක ලිපිනයේ පදිංචිව සිටි අස්රප්පුලි ධම්මි ගීතිකා නමැති 31 වියැති තරුණියකි .

මියගිය තරුණිය සහ තවත් තරුණයන් තිදෙනෙක් වෑන් රථයකින් මිගමුව අවේමරියා පාරෙන් පරණ හලාවත පාර හරහා වැල්ලවීදිය දෙසට ගමන් කරමින් තිබී ඇති අතර  පරණ හලාවත පාරේ මිගමුව දෙසට ගමන්කරමින් තිබු මාළු ප්‍රවාහන ෆ්‍රිසර් ලොරියක් සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මියගිය තරුණිය වාහනයේ  රියදුරු අසුනට පිටුපස අසුනේ ගමන් කර ඇත.අනතුරින් තුවාල ලැබ රෝහල් ගතකර සිටින රියදුරු බරපතල තුවාල  ලබා ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්වය බරපතල නොවනබව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති එච් පි ඩි එස්  ජයන්ත මහතා  සමග 14374 සැරයන් ජගත් කොස්තාපල් 61257  බණ්ඩාර යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.