32 C
Negombo
32 C
Negombo

හැකර් ලාගෙන් බේරෙන්න – Twitter ගිණුම් යාවත්කාලීන කරගන්න

-

ආරක්‍ෂිත දෝෂයක් හේතුවෙන් Twitter ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වහාම යාවත්කාලීන කරගන්නා ලෙස තොරතුරු තාක්ෂණ සංගමය twitter ගිණුම් පරිශීලකයින්ට දැනුම් දී තිබේ.

Twitter ඇන්ඩ්‍රොයිඩ් යෙදුමෙහි පවතින ආරක්ෂක ගැටළුවක් මඟින් හැකර්වරුන්ට ට්විටර් ගිණුමක් පාලනය කිරීමට සහ ට්විටර් ගිණුම් පරිශීලකයෙකුගේ පෞද්ගලික දත්ත සහ සහ ආරක්ෂිත ට්වීට් වැනි දත්ත වලට ප්‍රවේශ වීමට ඉඩ සලසන බව ට්විටර් සමාගම විසින් හදුනාගෙන ඇත.

එම ආරක්‍ෂිත දෝෂයට පිළියම් යොදන ලද නවතම Twitter ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය මේ වන විට ට්විටර් සමාගමෙන් නිකුත්කොට තිබේ.

කෙසේවුවත්, IOS මෙහෙයුම් පද්ධතියෙහි ක්‍රියාත්මක වන Twitter යෙදුමට මෙම ආරක්‍ෂිත දෝෂයෙන් කිසිදු බලපෑමක් නොමැත.

එය එසේවුවත්, කඩිනමින් Twitter ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් Google Play Store හරහා නවතම Twitter ගිණුම යාවත්කාලීනය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික Twitter පරිශීලකයන්ට දැනුම් දී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.