මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු ඊසිකෑෂ් කුඩු ජාවාරමේ ?

මිගමුව බන්ධනාගාරය තුලසිටින  රැදවියකු විසින් ඊසිකෑෂ්  ක්‍රමයට මුදල් හුවමාරුකරගනිමින් මෙහෙයවූබව කියන  හෙරොයින් ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගත්  මිගමුව  කොට්ටාශය අපරාධ විමර්ශන අංශය ලක්‍ෂ දහයක පමණ වෙළදපොල වටිනාකමක් ඇති  හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග කටුවැල්ල ගමදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හා සැකකාරියක ජනවාරි මස 8 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මේ ක්‍රමයට සිදුවන ගනුදෙනුවේදී  ගැනුම් කරු සහ විකුණුම් කරු මුණ නොගැසෙනඅතර  බන්ධනාගාරයේ සිටින රැදවියා අතර මැදියා ලෙස කටයුතු කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිබුලපිටියේ පදිංචි 26 හැවරදී විවාහකයෙකු සහ 56 වියැති කාන්තාවකි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වීඇති තොරතුරු වලට අනුව  බන්ධනාගාරයේ සිටින රැදවියාට  මුදල් ගෙවුපසු  ඔහු විසින් මත්ද්‍රව්‍ය තබන තැන දැනුම් දෙන බවත් මුදල් ගෙවූ තැනැත්තාට  එම ස්ථානයට ලගාවී දෙනලද උපදෙස් අනුව ගෙවූ මුදලට අදාළ  මත්ද්‍රව්‍ය ලබාගත හැකිය.

මහාමාර්ගයේ විදුලි පහන් කණුවක් බෝක්කුවක් වැනි පහසුවෙන් හදුනා ගත හැකි ස්ථාන මොවුන් විසින් මත්ද්‍රවය තබා යාමසදහා යොදා ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් අටක් සමග හසුවූ සැකකරු තොගඅලෙවි කරුවෙකුබවත්  එකවර ග්‍රෑම් 10 ක් වැනි ප්‍රමානයක් මිලට ගෙන ග්‍රෑම් එක බැගින් පැකට් කර සීලර අලවිකරුවන්ට ලබාදී ඇත.

හෙරොයින් ග්‍රෑම්දෙකක්  සමග හසුවූ කාන්තාව සිල්ලර අලවිකාරියක වශයෙන් මත් ලෝලීන් සදා මෙම මත්ද්‍රව්‍ය සැපයීමේ වෙළදාමේ නිරතව සිට ඇතිබවද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පොලිස් සැරයන් 60490 සෙනවිරත්න 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 79861 තරංග 78141 ප්‍රභාත් 82442 පෙරේරා 88441 හපුවිට සහ පොලිස් රියදුරු 80931 යන නිලධාරීන් සහභාගීත්වයෙන් මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සිදුවේ.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img