32 C
Negombo
32 C
Negombo

අන්තවාදය පිටුපස ඇත්තේ දේශපාලන පැවැත්මක් – දෙවියන්ට ආදරයකරන්න මිණිමරන්න බැහැ-කාදිනල් හිමිපාණන්

-

තවත් මනුෂයෙකුගේ ජිවිතයට දුක වේදනාව දෙන්න   කියන්නේ මොන දෙවියන් වහන්සේද මොන පොතේද එහෙම කරන්න කියලා  ලියා තිබෙන්නේ එහෙම ලියල තියෙනවනම් ඒක ආගමක් නොවෙයි ඒක දේශපාලන පැවැත්මක් පමණක් යයි .අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළබ අගරදගුරු හිමිපාණන් පැවසිය.

උන්වහන්සේ මෙම අදහස් පලකලේ කටුවපිටිය ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති නත්තල් දින දේවමෙහෙදීය

මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලිකල අගරදගුරු හිමිපාණන්කටුවාපිටියේ ම්ලේච්ඡ මිනිස් ඝාතනය ජනතාව ඉවසා දරා ගත්තා මේවගේ දේවල් වලින් අලුතින් හිතන්න අපියොමුකරනවා අපේ ජිවිතයට දයාව කරුණාව කියන ගුණාංග ලංකර දෙනවා අපි කවදාවත් මේ ම්ලේච්ඡ ක්‍රියාව කරපු අයට වෛරකරන්නේ නැහැ දෙවියන්ට ආදරයකරන්න මිණිමරන්න බැහැ ඒ අය කෘර දුෂ්ට  පලිගන්නා කෙනෙකු ලෙසයි දෙවියන් වහන්සේ සලකන්නේ

ඔබ මගේ දරුවන්  මගේ ජනතාව බිය නොවන්න ඔබත් සමග මම සිටිනවා තවත් මනුෂයෙකුගේ ජිවිතයට දුක වේදනාව දෙන්න   කියන්නේ මොන දෙවියන් වහන්සේද මොන පොතේද එහෙම කරන්න කියලා  ලියා තිබෙන්නේ එහෙම ලියල තියෙනවනම් ඒක ආගමක් නොවෙයි ඒක දේශපාලන පැවැත්මක් පමණයි.

විශේෂයෙන්ම මේ කාරනා  පිටුපස සිටින අයට කියන්න කැමතියි  කරුණාකර ඕක ඔතනින් නවත්වන්න අන්තවාදයට ජීවිතය තුල ඉඩදෙන්න එපා යයි අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.