කටාන සමුපකාර ජන්දය පොහොට්ටුවට නිතරග ජයක්

-

කාටන විවිධසේවා සමුපකාර සමිති සංගමයේ නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සහයෝගය දක්වන කණ්ඩායමට සමුපාකාර ප්‍රදේශික  95%ක ජයක් නිතරගයෙන්   හිමිව ඇත.

මේඅනුව ශ්‍රී ලංකා නිදහස්  පොදුජන පෙරමුණට සහයෝගය දක්වන කණ්ඩායමට මහාසභාව නියෝජනය කරන  සභිකයන් 95 කට ආසන්න සංඛ්‍යාවක් පත්කර එවීමට අවස්ථාව හිමිව ඇත.

ගියවර සමුපකාර ජන්දයෙන් ද එක්සත්ජාතික පක්‍ෂය නියෝජනය කල  කණ්ඩායම  පරාජය කර පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම ජයගනු ලැබිය.

එසත්ජාතික පක්ෂයේ කටාන ආසනයේ සංවිධායක අර්බුදය සහ  තරගකිරීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් ඉදිරිපත් නොවීම මෙන්ම සමුපකාර  ජන්දයේ පරාජය ඉදිරි පලිමේන්තු මැතිවරණයට අහිතකර ලෙස බලපෑම එල්ලවිය හැකි බැවින්  තරග කිරීමෙන් වැලකි සිටින ලෙස ඉහලින් ලැබුණු උපදෙස්  අනුව තරග නොකල බවද  දැනගන්නට ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here