තවමත් බංකරයක තිබෙන මිගමුව දුම්රියපොළ  

-

යුදසමයක මුදා නොගත් ප්‍රදේශයක පිහිට  බංකරයක්  සිහිගන්වන මිගමුව දුම්රියපොළ සංචාරක පුරවරයකට ගැලපෙන ලෙස සංවර්ධනය කලයුතුබව නගර වැසියන් පවසයි.

මිගමුව සංචාරක කලාපයට දුමරියෙන්  පැමිණෙන සහ පිටවයන  විදේශීය සංචාරකයන්ට මෙන්ම අනෙකුත් මගීනට  දුම්රිය පොලට පහසුවෙන්  ඇතුළුවීමට  සහ පිටවීමට නොහැකිවන ලෙස විශාල යකඩ යොදා වැටක් ඉදිකර ඇත.

මෙ නිසා   මගීන් මෙන්ම මගින් රැගෙන එන යන රථවාහන රියදුරන් ද දැඩි අපහසු තාවයකට පත්වේ. විශේෂයෙන්ම  උදෑසන සහ සවස කාර්යාල දුම්රියෙන් ගමන්කරන මගින්ට මේ අපහසුතාවන්ට දින පතා මුහුණ දීමට සිදුව ඇත.

දුම්රිය පොළභුමිය ඉතාමත් අපිරිසිදු තත්වයක පවතින අතර තැන තැන ගොඩගැසුණු කුණු ගොඩවල් සුලභ දසුනකි. පොදු වැසිකිලි වල පවිත්‍රතාවය ඉතාමත් දුර්වල මට්ටමක පවතී.

දුම්රිය පොළ අදට ගැලපෙන ලෙස සංවර්ධනය වන්නේ කවදාද

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here