ලියාපදිංචි නොකළ සංචාරක හෝටල් 20000 ක්

-

දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ. සංචාරක හෝටල් වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණයි. ඉදිරි මාස 03 ක කාලය තුළ ඒ සදහා කඩිනම් පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.

මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැත. රජයේ ලියාපදිංචි වී ඇති හොටල් සංඛ්‍යාව 2000 ක් පමණි.

මේ තත්ත්වය සැලකිල්ලට ගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත්තේ මෙතෙක් රජයේ ලියාපදිංචි  වී නොමැති හෝටල් වහා ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙම ලියාපදිංචිය කිරීමේ දි හෝටල් වල ප්‍රමිතිය පිළිබද ව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ද ඇමතිවරයා උපදෙස් දී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම හෝටල් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරීමට ද ඇමතිවරයා උපදෙස් දී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිළධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.

ප්‍රදීප් අනුරකුමාර

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here