රුපියලේ අගය ඉහළයයි

ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙන අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.8කින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ඉකුත් වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී ඩොලරයට අමතරව යුරෝව සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. එම දත්තවලට අනුව යුරෝවට සාපේක්ෂව සියයට 3.7කින් රුපියලේ අගය ඉහළ ගොස් තිබෙන අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.7කින් රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.

එසේ වුවත් ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 1.6කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 0.1කින් ද රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ.

දෙසැම්බර් 27 වැනිදායින් අවසන් වූ සතියේදී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.39ක් වූ අතර විකුණුම් මිල රුපියල් 183.06 ලෙස දැක්විණි. එම සතියේ ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 181.23 ලෙස සටහන් විය. සතියකට පෙර ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 181.26 ක් ලෙස දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2018 වසරේදී ඇමෙරිකානු ඩොලරයේ සාමාන්‍ය අගය රුපියල් 181.57ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (31) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.66ක් වූ අතර විකුණුම් මිල  රුපියල් 183.33ක් විය.

මේ අතර ශ්‍රී ලංකා රුපියල මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වූයේ යැයි වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී සඳහන් කළේය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img