32 C
Negombo
32 C
Negombo

අඩු කළ බදු සහන හෙටසිට ක්‍රියාත්මකයි -ඇමති බන්දුල

-

රජය විසින් මිට පෙර ලබා දෙන බව සඳහන් කළ සියලු බදු සහන හෙට එනම් ජනවාරි 01 දින සිට ලබා දෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද(31) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දිය.

පසුගිය දා පැවැති මාධ්‍ය  සාකච්ඡාවක දී  පහත සඳහන් සියලු බදු  සහන ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබේ.

මේ යටතේ, ආර්ථික සේවා ගාස්තු,බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද,කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු,උපයන විට ගෙවන බදු ,පොලී මත අයකරන රැඳවුම් බදු ,ණය සේවා බදු,ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා  හැරීම, ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු,ආගමික ස්ථාන මත අයකරන සියලු බදු,විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු,විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි,වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස් කර තිබේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.