32 C
Negombo
32 C
Negombo

මිගමුව දිස්ත්‍රික් මහරෝහල ලගදීම මධ්‍යරජයේ පාලනයට

-

මිගමුව දිස්ත්‍රික් මහරෝහල මධ්‍යම රජයට පවරාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතිබවත් ඒසදහා වන කැබිනට් සංදේශය ඉක්මනින් කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත් කරන බව  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දන්වා ඇතිබව  මිගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා පැවසිය.

නගරාධිපතිවරයා මෙම තොරතුරු  දැනුම්දුන්නේ   ජනවාරි මස 2 දින පැවති මහනගර සභාවේ මාසික මහා සභා රැස්වීමේදීය.

දැනටබස්නාහිර  පළාත්සභාව මගින් පාලනය වන  මිගමුව දිස්ත්‍රික් මහාරෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස විවිධ පාර්ශව කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ඉල්ලීම කරන ලද අතර මිගමුව මහානගරසභාව විසින් ද රෝහල මධ්‍යම රජයට පවරාගතයුතු බවට ඒක ජන්දයෙන් සම්මත  කරන ලද යෝජනාවක් වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.

කටුනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපල නිදහස්  ආයෝජන කලාපය මෙන්ම සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මිගමුව නගරයේ පිහිටි මිගමුව දිස්ත්‍රික් මහරෝහල එම අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස  සංවර්ධනය කලයුතු වුවත් පළාත් සභාවට එය සිදුකල නොහැකිබව පසුගිය කාලය තුල දැකගතහැකිවිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.