දළුපොත පකිස්තාන් සරණාගතගේ ඝාතනයට සැකපිට පකිස්ථානුවෙකු අත්අඩංගුවට

සරණාගතයෙකු ලෙස මීගමුවේ දළුපොත කුලි නිවසක පදිංචිව සිටි   පකිස්තානු ජාතිකයාගේ ඝාතනය පිලිබදව සැකපිට තවත් පකිස්තානු ජාතිකයෙකු  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව දළුපොත සිරකදවුර පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ කුලියට පදිංචිව සිටි 49 හැවරදී බට් ෂබාර් නමැති පකිස්තානු ජාතික සරනාගතයා දෙසැම්බර  23 දින රාත්‍රී තියුණු ආයුද වලින් පහරදීමෙන් ඝාතනය කර තිබුණි

මෙම අභිරහස්  ඝාතනය.පිලිබදව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම  එස්  ජයනාත් මහතා ඇතුළු නිලධාරීන් විසින්   සිදුකල   දීර්ඝ  විමර්ශනයකින් පසුව  විසා ලබාගැනීම සදහා බත්තරමුල්ල පිහිටි ආගමන විගමන කාර්යාලයට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කොස්වත්ත පොලිසියේද සහයෝගයෙනි.

මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව  නමැති 30 හැවරදි  සැකකාර පකිස්තානු ජාතිකයා ශ්‍රී ලංකික කාන්තාවක් සමග විවාහවී කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින දෙදරු පියෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු  මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහත්මිය හමුවට ඉදිරිපත් කර   පැය 48 කාලයක් මිගමුව පොලිසියේ රදවාගෙන විමර්ශන  කිරීම  සදහා රැදවුම් නියෝගයක් ලබාගෙන ඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර්අ මහතාගේ උපදෙස්  පරිදි     අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම  එස්    ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img