දළුපොත පකිස්තාන් සරණාගතගේ ඝාතනයට සැකපිට පකිස්ථානුවෙකු අත්අඩංගුවට

-

සරණාගතයෙකු ලෙස මීගමුවේ දළුපොත කුලි නිවසක පදිංචිව සිටි   පකිස්තානු ජාතිකයාගේ ඝාතනය පිලිබදව සැකපිට තවත් පකිස්තානු ජාතිකයෙකු  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව දළුපොත සිරකදවුර පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ කුලියට පදිංචිව සිටි 49 හැවරදී බට් ෂබාර් නමැති පකිස්තානු ජාතික සරනාගතයා දෙසැම්බර  23 දින රාත්‍රී තියුණු ආයුද වලින් පහරදීමෙන් ඝාතනය කර තිබුණි

මෙම අභිරහස්  ඝාතනය.පිලිබදව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම  එස්  ජයනාත් මහතා ඇතුළු නිලධාරීන් විසින්   සිදුකල   දීර්ඝ  විමර්ශනයකින් පසුව  විසා ලබාගැනීම සදහා බත්තරමුල්ල පිහිටි ආගමන විගමන කාර්යාලයට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කොස්වත්ත පොලිසියේද සහයෝගයෙනි.

මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව  නමැති 30 හැවරදි  සැකකාර පකිස්තානු ජාතිකයා ශ්‍රී ලංකික කාන්තාවක් සමග විවාහවී කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින දෙදරු පියෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු  මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහත්මිය හමුවට ඉදිරිපත් කර   පැය 48 කාලයක් මිගමුව පොලිසියේ රදවාගෙන විමර්ශන  කිරීම  සදහා රැදවුම් නියෝගයක් ලබාගෙන ඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර්අ මහතාගේ උපදෙස්  පරිදි     අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම  එස්    ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here