29 C
Negombo
29 C
Negombo

සිදුවේ රාත්‍රී සමාජ ශාලාවකදී නලගනක් ව්‍යාපාරිකයෙකුගේ ලක්‍ෂ 13 ක් උස්සලා

-

සිදුව ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ වාහනයේ කැබිහෝල් එක තුල තිබු රුපියල් 1380000 ක් සොරකමකල නාට්‍යන්ගනාවක් සහ සමාජශාලාවේ සේවකයෙකු මෙම මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන එල් මහවත්ත මහත්මිය නියෝග කළේය.

මෙම රාත්‍රී සමාජ ශාලාවට ගිරිඋල්ල ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකුට ඔහු අසුන්ගෙන සිටි ස්ථානයේම නින්ද ගොස් ඇත.

නින්දෙන් අවදිවී පිටතට පැමිණි ව්‍යාපාරිකයා අවශ්‍යතාවයක් සදහා මුදල් ගැනීමට යාමේදී වාහනයේ කැබිහෝල් එකතුලතිබු මුදල් නොමැති බව නිරීක්ෂණය වීමෙන් පසුව සිදුව පොලිසියට මේ පිලිබදව පැමිණිලි කර ඇත.

ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල අනුව විමර්ශන සිදුකල සිදුව පොලීසිය වත්තල ප්‍රදේශයේ පදිංචි කාරියක බවකියන නාට්‍යන්ගනාවිය සහ ලියනගේ මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවකියන හෝටල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම කරනලද මුදල්ද සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයාට නින්ද ගිය අවස්ථාවේ  වාහනයේ යතුර නාට්‍යන්ගනවා විසින් ලබාගෙන හෝටලයේ සේවකයා සමග එකතුවී මුදල් සොරකම කර ඇතිබව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සිදුව පොලිසියේ පොලිස් කොස්තාපල් රොෂාන් මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.