බෙල්ජියමේ ගුවන් නියමුවන් බලහත්කාරයෙන් ගෙනත් දැමු ඉගිලෙන්න බැරි දඩුමොනරයට මාසයකට ඩොලර් 585000 ක්

පසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝ‍්ධය මැද බව හෙළි වේ.

කාර්මික අපයනය, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ බලපත්‍රලාභි ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා (03) පැවති සාකච්ඡාවක දි අනාවරණය වූයේ ඉංජිනේරුවරුන්ගේ විරෝධය මැද පැවති යහපාලන රජයේ මැදිහත් වීමෙන් බෙල්ජියමේ ගුවන් නියමුවන් යොදවා මෙම ගුවන් යානය බලහත්කාරයෙන් කටුනායක ගුවන් තොටුපළට ගෙනවිත් ගාල් කර ගොස් ඇති බවයි. පෘතුගාල් ගුවන් සේවය භාවිතා කළ මෙම ගුවන් යානයේ තාක්ෂණික පරීක්ෂාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවන් දෙදෙනෙකු ගිය බවත්, ඔවුන් මෙම ගුවන් යානය කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු මෙම පරික්ෂාවට සහභාගි නොවු බවත් මෙහි දි අනාවරණය විය.

ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවේ දි ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ අදාළ ගුවන් යානයේ මගීන් ගෙනයාම සදහා ඇති පහසුකම් ප්‍රමාණවත් නොවු බවයි. එය නවීකරණය සදහා විශාල මුදලක් වැය වන නිසාත්, ගුවන් ගමන් වලට නුසුදුසු තත්ත්වයක පැවතීම නිසාත් මෙය ශ්‍රී ලංකන් සමාගමට කුලියට ගැනීම සිය සංගමය විරෝධය පළ කළ බව ඉංජිනේරු සංගමයේ ඇමතිවරයාට පෙන්වා දුන්නේ ය.

මෙම ගුවන් යානය මෙරටට ගෙන්වීමට නියමිතව තිබුණේ 2017 වසරේ දි බවත්, එහෙත් දිවයිනට ගෙන ආවේ 2018 දි බවත් මෙහි දි අනාවරණය විය.

කාර්මික අපයනය, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේ දි ද මෙම ගුවන් යානය පරික්ෂාවට ලක් කළේය. එහි දි හෙළි වුයේ මෙම ගුවන් යානය සදහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 585,000 ක් ශ්‍රී ලංකන් සමාගම කුලි වශයෙන් ගෙවන බවයි. මෙම ගුවන් යානය ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහි දි අනාවරණය විය. මෙම ගුවන් යානය  මේ වන විට කටුනායක ශ්‍රී ලංකන් ගුවන් යානා අංගනයේ ගාල් කර ඇත. මෙය මේ වන විට ගුවන් ගමන් සදහා යොදා නොගැනේ.

මෙම ගුවන් යානය සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් ලබා දුන් වාර්තාව නොසලකා හැර ගුවන් යානය කුලියට ගැනීම පිළිබදව සම්පුර්ණ වාර්තාවක් ශ්‍රී ලංකන් සමාගමෙන් කැදවන්නැ‘යි ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේ ය.  ඊට අමතරව මේ සමබන්ධයෙන් බලපත්‍රලාභි ගුවන් යානා ඉංජිනේරු සංගමයෙන් ද වාර්තාවක් ලබා ගන්නැ‘යි ඇමතිවරයා ලේකම්වරියට උපදෙස් දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු, වරාය සංවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්, අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් වූහ.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img