32 C
Negombo
32 C
Negombo

කටාන සෙල්ලකන්ඳේ කුඩුජාවාරම් කරුවන් STF අත්අඩංගුවට

-

පොලිස් විශේෂ  කාර්ය සාධක බලකාය විසින් කටාන පොලිස් වසමේ සෙල්ල කන්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ  කාර්ය සාධක බලකාය විසින් අද 6 දින උදැසන කටාන සෙල්ල කන්ද ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සහ මත්පෙති 2200 ක් සමග අත්අඩංගුවටපත්  සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා කටාන පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.

කටාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.