පකිස්තානු ජාතිකයා ඝාතනය කොන්ත්‍රාත් එකක් 4 ක් අත්අඩංගුවට දෙදෙනෙක් පාකිස්ථානයට පලාගිහින්

මීගමුවේ දළුපොත කුලි නිවසක පදිංචිව සිටි පකිස්තානු ජාතිකයා තියුණු ආයුද වලින් කපාකොටා සිදුකල ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුකල මිනීමැරුමක් බව වාර්තාවේ.

49 හැවරදී බට් ෂබාර් නමැති පකිස්තානු ජාතිකයා දෙසැම්බර  23 දින රාත්‍රී තියුණු ආයුද වලින් පහරදීමෙන් ඝාතනය කර තිබුණි.

මෙම මනුෂ්‍ය ඝාතනය පිලිබදව මිගමුව පොලිසිය විසින් සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසුව පකිස්තානු ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිඅතර අපරාධ කරුවන් දෙදෙනෙකු පාකිස්ථානයට පැනගොස් ඇත

ඝාතනය වූ පකිස්තානු ජාතිකයා කෝටිපති ව්‍යාපාරිකයෙකු බවත් ඔහුට  විරුද්ධව එරට  උසාවිවල අපරාධ නඩුඇතිබවත්. මොහු විසින් පකිස්ථානයට පැනගිය අපරාධකරුවන් දෙදෙනාගේ සහෝදරයෙකු ඝාතනය කරඇති බවද  දැනගන්නට ඇත.

පකිස්ථානයේ ඇති නඩු සහ එරටදී ඇති ජිවිත තර්ජන වලින් බේරීම සදහා  මොහු ලංකාවට පැමිණ සරණාගතයෙකු ලෙස ලියාපදිංචි නොවී කුලී නිවසේ රැදීසිටින්නට ඇතයි සැක පළකරයි.

ඝාතනයට ලක්වූ පකිස්තනුවාගේ වැඩිමහල් සහෝදරයා වන හමායුම් බට් නැමැත්තා විසින් ලබාදුන් තොරතුරකට අනුව විසා ලබාගැනීම සදහා බත්තරමුල්ල පිහිටි ආගමන විගමන කාර්යාලයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකික කාන්තාවක් සමග විවාහවී කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින වහාබ් අබ්දුල්නමැති  පකිස්තානු ජාතික සැකකරු ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුව වැඩිදුර විමර්ශන සිදුකල පොලිසිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධය සිදුකිරීමට කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇතිබවට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති53 වියැති අංක A/G/2 සුරියමල්පුර නිවාස කුමර දොරටුව කොලබ 12 පදිංචි මොහොමඩ් ෂරිප් මොහොමඩ් නෂ්මි යන සැකකරු  අලුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් සිදුකල විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව  දැනට පකිස්ථානයට පැනගොස් සිටින මොහොමඩ් පාරුක් සහ වකාෂ් අලි සමග මෙම අපරාධය සිදුකල බවට සැකකරන මට්ටක්කුලිය  මෝලපාරේ පදිංචි කරුවෙකු බවකියන57 හැවරදී මොහොමඩ් සිදර් මොහොමඩ් ඉර්පාන් සහ මෙම ඝාතනය සදහා ගමන්කිරීමට යොදාගෙනඇති ත්‍රි රෝද රථයද අත්අඩංගුව ගෙන තිබේ.

මට්ටක්කුලිය පල්ලිය පටුමගේ පදිංචි  23 හැවරදි මොහොමඩ් පර්ශාන් මොහොමඩ් නුෂ්කින් අත්අඩංගුවට පත්ව ඇත්තේ  මෙම අපරාධය සිදුකිරීම සදහා ආධාර අනුබල දීම කුමන්ත්‍රණය  කිරීමේ චෝදනාව යටතේය.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර් මහතාගේ උපදෙස්  පරිදි     අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම  එස්    ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි

පකිස්ථානයට පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ජ්‍යාතන්තර පොලිසියේ සහයෝගය ඇතිවකටයුතු කිරිමට සහ  විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img