32 C
Negombo
32 C
Negombo

කාන්තාවන් සහ ළමුන්ගේ අයිතීන් සුරකින මිගමුව කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය

-

මිගමුව පොලිස් අධිකාරී බලප්‍රදේශයේ සිදුවන ඕනෑම ළමා අපචාරයක් කාන්තා හිංසනයක් පිලිබදව ක්‍ෂණිකව ක්‍රියාත්මකවන  කොට්ටාශ ළමා හා කාන්ත කාර්යාංශයක් මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානයේ පිහිටුවා ඇත.

පොලිස් පරීක්ෂක වරියකගේ මෙම ඒකකයේ ස්ථානාධිපතිවවශයෙන් කටයුතු කරයි මෙම කොට්ටාශ ළමා හා කාන්ත කාර්යාංශය මිගමුව පොලිස් අධිකාරී වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින අතර විමර්ශන කටයුතු සදහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ ද  මෙම අංශයේ තුල ස්ථාපනය කර ඇත.

කොට්ටාශයේ සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති ළමා හා කාන්ත කාර්යාංශ වල ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වශයෙන්ද කටයුතු කරන මෙම ඒකකය.එම පොලිස් ස්ථානවලට  ලැබෙන පැමිණිලි පිලිබදව තොරතුරු ඇතුලත් මධ්‍යම දත්ත ඒකකයක් ද මෙම ඒකකයේ ස්ථාපනය කර ඇත.

කාන්තාවන් සහ දරුවන් සම්බන්දයෙන්  සිදුවන  ඉදිරිපත්වන ඕනෑම පැමිණිල්ලක් බාරගෙන රහෂ්‍ය භාවය සුරක්ෂිත කරමින් පැමිණිලි විභාගකිරීම මෙම අංශය විසින් සිදුකරයි.

එමන්ම දරුවන් ළමා අපචාරවලට ගොදුරුවීම වලක්වා ගැනීම සදහා දෙමවුපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමද මෙම ඒකකය මගින් සිදුකරණ  තවත් සේවාවකි

මෙම ඒකකයේන් සිදුකරන සේවාවන් පිලිබදව වැඩිදුර තොරතුරු 031 2280173 දුරකථනය  ඔස්සේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක  ආර්.එම.එම රත්නායක මහත්මිය අමතා සවස 4.00  දක්වා  ලබාගැනීමේ අවස්ථාව ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.