සංචාරක සංවර්ධන බදු සහනය දීර්ඝකරයි

ශ්‍රී ලංකා සංචාරක  සංවර්ධන අධිකාරියේ ලියාපදංචි සංචාරක හෝටල් වලට සංචාරක සංවර්ධන බද්ද (TDL)  ගෙවීමට ලබා දී ඇති සහනය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමු වේ. කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

 

පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ  ලියාපදිංචි සංචාරක ආයතන වලින් අය කෙරෙන සංචාරක සංවර්ධන බද්ද ගෙවීම සදහා සහන කාලයක් ලබා දී තිබිණි. එම සහන කාලය මේ වසරේ ජුනි මාසයේ දි අවසන් වීමට නියමිතය.

සංචාරක ව්‍යාපාරයේ නිරත සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය ඇතුළු සංවිධාන 11 ක නියෝජිතයන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවක දි ඔවුන් ඉල්ලා සිටියේ මෙ සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙසයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව බිද වැටී තිබු සංචාරක කර්මාන්තය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින්  පැවතිය ද මෙම සහනය තවත් ටික කාලයකට හෝ ලබා දෙන්නේ නම් එය තමන්ට සහනයක් බව ඔවුහු මෙහිදි  පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි අවධාරණය කළේ මෙම සහන සැලසීමෙන් සංචාරක කර්මාන්තයට කිසියම් වාසියක් අත් වුයේදැ‘යි විමසා බැලිය යුතු බවය. මුදල් අමාත්‍යංශය හා කැබිනට් මණ්ඩලය ද සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන්  ඉදිරියේ දි තීරණයක් ගන්නා බව ඇමතිවරයා මෙහිදි කීවේය.

ලියාපදිංචි නොවු සංචාරක හෝටල් නිසා සංචාරක කර්මාන්තය මුහුණ පා ඇති තත්ත්වය පිළිබදවත් මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරීණ. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි නොකළ සංචාරක හෝටල් හා ලැගුම්හල් 20,000 ක් පමණ ඇති බවත් මේ නිසා විවිධ ගැටළු මතු වී තිබෙන බවත් මෙහි දි අනාවරණය විය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මේ වන විට මෙම හෝටල් හා ලැගුම්හල් ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බවයි. විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ සදහා යොදවා ඇති බවත් මාස 03 ක් තුළ මෙම ලියාපදිංචි කීරිම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉදිරි අයවැය තුලින් ක්‍රියාත්මක කළ යුතු යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා මෙම සංගම් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍යංශය ද මෙ සදහා දිගුකාලින, මධ්‍යකාලින, කෙටිකාලින වශයෙන් යෝජනා හදුනාගෙන ඇති බවත් ක්ෂේත්‍ර යේ නිරත වුවන්ගේ යෝජනා සදහා මෙහිදි  ප්‍රමුඛතාවය ලබා දීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදි තවදුරටත් පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා අමාත්‍යංශ  ලේකම් මරීනා මොහොමඩ් ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් චාන්දනි වේරපිටිය යන මහත්මීන් ද සහභාගි වූහ

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img