29 C
Negombo
29 C
Negombo

යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලේ පොහොර

-

ලබන යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලයේ පොහොර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කුඹුරු හෙක්ටයාර දෙකක උපරිමයක් සඳහා යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) යන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණයක් නොමිලයේ ලබාදීම  මේ යටතේ සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

දැනට පවතින පොහොර හිඟයට හේතුව පසුගිය කාලයේදී පොහොර ආනයනකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 6 ත් 9 ත් අතර ප්‍රමාණයක් ගෙවා නොතිබීම බවද ඇමතිවරයා කීවේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.