සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල බැටන් ප්‍රහාර වෙනුවට – මහපොළ දීමනාව ඉහළට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම රජය තිරණය කර තිබේ.

ඒ සරසවි සිසුන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සම්‍මග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

සරසවි සිසුන් ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් විරෝධතා පෙළපාලියකින් ඊයේ(09) ජනාධිපති කාර්යාල දක්වා පැමිණියා

එය සැලවීමත් සමග අදාළ සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාලය අබියසට පැමිණීමට අවස්ථාව සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ වන විට ජනාධිපතිවරයා සහ ජනපති ලේකම්වරයා කාර්යාලයෙන් පිටත රාජකාරි කටයුත්තක නිරතව සිටීම හේතුවෙන් සිසුන් සමඟ සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට භාර දී තිබේ.

සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳව එම අවස්ථාවේදීම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර උපදෙස් ලබාගැනීමටත් අදාළ නිලධාරින් කටයුතු කළේය.

ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වන විට ගෙවීමට තීරණය වී තිබේ.

එමෙන්ම දේශන සඳහා පැමිණීම සියයට අසූව සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම,සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු,ඇතුළු යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීම කෙරෙහි එහිදී අවධානය යොමුවුණි.

පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ අභිමතය පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් මෙහිදි යෝජනා වී තිබේ.

ජනාධිපති අතිරේක ලේකම්වරයා,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණි.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුන් සාමකාමීව විසිර ගියේය.

PMD

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img