යහපාලන දේශපාලන පළිගැනීම් සොයන්න ජනාධිපති කොමිසමක්

-

යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රජයේ නිලධාරීන් පිළිබඳව සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසමක් පත්කරනු ලැබ ඇත.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

ඒ අනුව 2015 වසරේ ජනවාරි මාසයේ 8 වැනි දින සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ රජයේ නිලධාරීන්  ,  රාජ්‍ය සංස්ථාවල සේවකයින් , සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදුව ඇති දේශපාලන පළිගැනීම් සෙවීමට එම කොමිසමට බලය පවරා තිබේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here